අපි අද බලමු කොහොමද ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ඇති කැමරාව වයිෆයි සබදතාවයක් සමග අයි.පී ලිපිනයක් හරහා පරිගණකයට ලබා ගන්නා අයුරු. ප්‍රථමව IP Webcam මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට භාගත කරගන්න.මේ සදහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් වෙළදපල (Android Market) භාවිතා කල හැක. Link

ඉන් පසුව භාගත කරගත් මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනයෙහි ස්ථාපනය(Install) කරගන්න. පහත දිස්වන රූපයෙහි දැක්වෙන්නේ එසේ ස්ථාපනය කරගත් මෘදුකාංගයෙහි ආරම්භක මෙනුවයි.
මෙහිදී ඔබට අවශ්‍ය ආකාරයට මුරපදයක් ද යෙදිය හැක. අවසානයේදී Start Server යන්න මත ක්ලික් කරන්න. එවිට පහත දැක්වෙන පරිදි IP Address හා Port Number දිස්වේ..
එම ලිපිනය ඔබගේ පරිගණකයෙහි ඇති බ්‍රවිසරය තුල Open කරගන්න.එවිට පහත දැක්වෙන තිරය දිස්වේ.
මෙහිදී ඔබට කැමති ආකාරයක් සිලෙක්ට් කරගන්න. අවසානයේදී වයිෆයි හරහා හෝ ඉන්ටර්නෙටි සබදතාවය හරහා ඔබගේ දුරකතනයෙහි ඇති කැමරාව ක්‍රියාත්මක කරගත හැකි වෙනු ඇත.
.....

Labels:

0 Responses so far.

Sri Lanka .NET 
                Forum Member